පළාත් ක්‍රීඩා පුවත්

 

ප්‍රථම ආසියානු පාසල් මලල ක්‍රීඩා උළෙලේ පදක්කම් දිනු අනුරාධ විදුසංඛට උපහාර-2013

මැලේසියාවේ පසුගියදා පැවැති ප්‍රථම ආසියානු පාසල් මලල ක්‍රීඩා තරගාවලියට සභභාගී වී ලෝකඩ පදක්කම් 3ක් දිනාගත් කෑගල්ල සාන්ත මරියා විද්‍යාලයේ ආර්.ඩී.අනුරාධ විදුසංඛ සිසුවාට උපහාර පිදීමක් ඊයේ එම විදුහලේදී පැවැත්විණි.
එම තරගාවලියට සහභාගීවු අනුරාධ විදුසංඛ මීටර් 400 කඩුලු, මීටර් 400x4 හා මීටර් 100x4 සහය දිවීමේ තරග ඉසව් තුනට ඉදිරිපත්ව ලෝකඩ පදක්කම් දිනා ගත්තේය.
මීට පෙර චීනයේ පැවති දෙවැනි ආසියානු යොවුන් ක්‍රීඩා තරගාවලියේදීත් මීටර් 400 තෙවැනි ස්ථානයට පත්වු අනුරාධ පිළිගැනීම සඳහා වු උත්සවය කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. චීනයේ පැවැති දෙවැනි ආසියානු යොවුන් ක්‍රීඩා තරගයෙන් ඔහු පෑ හපන්කම් අගය කරමින් ඔහුට මුදලින් රුපියල් දෙලක්ෂයක් පිරිනැමීමට මහීපාල හේරත් මහතා දැනටමත් පියවර ගෙන ඇති අතර මෙවර මැලේසියානු පාසල් මලල ක්‍රීඩා උළෙලට සහභාගි වීමට ගුවන් ටිකට්පත් ඇතුළු අනෙකුත් අවශ්‍යතා ලබාදීමටද මහීපාල හේරත් මහතා කටයුතු කර තිබිණි.
සාන්ත මරියා විද්‍යාලයේ ප්‍රයෝජනය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා විසින් මේස පන්දු ක්‍රීඩාවට අදාළ උපකරණ ලබාදීම මේ උත්සවයේදී සිදුවිණ.

 

පදක්කම් දිනූ රවිශංක-විදුසංක ට පළාත් මහ ඇමැතිගෙන් තිළිණ

චීනයේදී පසුගියදා නිමාවත් පත්වු 2වැනි ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේදී සබරගමුව පළාත නියෝජනය කරමින් රිදී හා ලෝකඩ පදක්කම් හිමිකරගත් ක්‍රීඩකයන් දෙදෙනාට උපහාර පිදීම පසුගියදා සිදුවිණි.රත්නපුර සිවලී ම.ම.විද්‍යාලයේ අකිර රවිශංක පිළිගැනිමේ උත්සවයක් රත්නපුරදී පැවැති අතර සාන්ත මරියා විද්‍යාලයේ අනුරාධ විදුසංක පිළිගැනීමේ උළෙල කෑගල්ල නගර සභාවේදී පැවැත්විණි.
කෑගල්ලේදී පැවැති උත්සවය සබරගමු පළාත් මහ ඇමැති මහීපාල හේරත් මහ‍තගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර ඇමැතිවරයා එහිදී සඳහන් කළේ මේ ක්‍රීඩකයන් දෙදෙනාට උපහාර පිදීමේ උත්සවයක් රත්නපුර නව නගරයේදී පැවැත්වීමට කටයුතු කරන බවයි. රිදී පදක්කම දිනු අකිර විදුශංකට රු.ලක්ෂ තුනක මුදලක්ද, අනුරාධ විදුසංකට රු.ලක්ෂ 2ක මුදලක්ද පිරිනැමීමට කටයුතු කරන බව ඇමැතිවරයා පැවැසීය.
.