සමස්ත ලංකා පාසල් ක්‍රීඩා 2013
|
![]()
වසරේ නැඟී එන ක්‍රීඩිකාවට හිමි සම්මානය කිමිකෝ රහීම් වෙනුවෙන් ඇයගේ පියාවන
රම්සි රහීම් මහතා වෙත අධ්‍යාපන ඇමැති බන්ධුල ගුණවර්ධන මහතා ප්‍රදානය කළ අයුරු.
|
ශ්‍රී ලංකා පාසල් ක්‍රීඩා මයිලෝ වර්ණ ප්‍රදානෝත්සවයේදී වසරේ දක්ෂතම ක්‍රීඩකයා
ලෙස ආසියානු ජාත්‍යන්තර පාසලේ පිහිනුම් ක්‍රීඩක මැතිව් අබේසිංහ සම්මාන දිනාගත්
අතර දක්ෂතම ක්‍රීඩිකාව ලෙස කෑගල්ල සාන්ත ජෝශප් බාලිකා විදුහලේ ශිවන්ති කුමාරී
රත්නායක සම්මානයට පාත්‍ර වුහ.
වසර 2012දී පාසල් ක්‍රීඩා ක්ෂේත්‍රයේ දක්වන ලද දක්ෂතා සැලකිල්ලට ගෙන කොළඹ
බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ මේ සම්මාන ප්‍රදානය සිදු කෙරුණි.
අධ්‍යාපන ඇමැති බන්ධුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රීඩා 35කදී දක්ෂතා
දැක්වු ක්‍රීඩක ක්‍රීඩිකාවන් 540කට සම්මාන ප්‍රදානය සිදු කෙරුණු අතර වසරේ නැඟී
එන ක්‍රීඩකයා ලෙස පාණදුර මහානාම විදුහලේ ක්‍රිකට් ක්‍රීඩක අකිල ධනංජයද, වසරේ
නැඟී එන ක්‍රීඩිකාව ලෙස ආසියානු ජාත්‍යන්තර පාසලේ පිහිනුම් ක්‍රීඩිකා කිමිකෝ
රහීම්ද විශේෂ සම්මානයට පාත්‍ර වුහ.
මෙවර පාසල් ක්‍රීඩා වර්ණ ප්‍රදානෝත්සවයේ පිරිනැමුණු සම්මාන 540න් සම්මාන 41ක්
දිනාගත් කොළඹ රාජකීය විදුහල වසරේ දක්ෂතම පාසල ලෙස සම්මාන දිනා ගත්තේය. පසුගිය
වසරේදීද රාජකීය විදුහලට මේ සම්මානය හිමිව තිබුණි. වසරේ දක්ෂතම ක්‍රීඩකයා වු
මැතිව් අබේසිංහ ඉස්තාන්බුල් හී පැවැති ලෝක ජල ක්‍රීඩා කෙටිදුර පිහිනුම් ශූරතා
රැසකදී ජයග්‍රහණ වාර්තා කළේය. ඔහු සමග මේ සම්මානයට රත්ගම දේවපතිරාජ
විදුහලේ ක්‍රිකට් ක්‍රීඩක තරිඳු කෞෂාල් හා හංවැල්ල රාජිසිංහ මධ්‍ය මහා විදුහලේ
මලල ක්‍රීඩක මිලාන් දිසානායක තියුණු තරගයක නියැලුණි. දක්ෂතම ක්‍රීඩිකාව වු
ශිවන්ති කුමාරී රත්නායක ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී මීටර් 200
හා 400 රන් පදක්කම් දිනාගත් අතර ශ්‍රී ලංකා කනිෂ්ඨ මලල ක්‍රීඩා පිලේ නායිකාවද
වුවාය. ඇය සමග මේ සම්මානයට තියුණු සටනක නිතර වුයේ කොළඹ විශාඛා විදුහලේ
බැඩ්මින්ටන් ක්‍රීඩිකා තිළිණි හෙන්දහේවා හා ආසියානු ජාත්‍යන්තර පාසලේ පිහිනුම්
ක්‍රීඩිකා මිචිකෝ රහීම්ය.
වසරේ නැඟී එන ක්‍රීඩකයා වු අකිල ධනංජය පසුගිය වසරේ පැවැති විස්සයි-20 ලෝක
කුසලාන තරගාවලියට සහභාගීවු අතර ඔහු සමග මේ සම්මානය වෙනුවෙන් තියුණු
තරගයක පස්යාල මහා විද්‍යාලයේ මලල ක්‍රීඩක දුලාජ් මධුසංඛ නියැලුණේය. වසරේ නැඟී
එන ක්‍රීඩිකාව වු කිමිකෝ රහීම් ජාතික පිහිනුම් ශූරිය වු අතර ඉස්තාන්බුල් ලෝක ජල
ක්‍රීඩා කෙටිදුර පිහිනුම් ශූරතාවලියට හා ලෝක පිහිනුම් ශූරතාවලියට ශ්‍රී
ලංකාවෙන් ඉදිරිපත්වු ක්‍රීඩිකාවයි. ඇය සමග මේ සම්මානය වෙනුවෙන් තියුණු
තරගයක කොළඹ විශාඛා විදුහලේ නෙට්බෝල් ක්‍රීඩිකා තිසාලා අල්ගම හා
ගලෙන්බිදුණුවැව මහා විදුහලේ මලල ක්‍රීඩිකා නිමේෂා සිරිවර්ධන නියැලී සිටියහ.
ශ්‍රී ලංකා පාසල් ක්‍රීඩා වර්ණ ප්‍රදානෝත්සවයේ විශේෂ ආරාධිතයා ලෙස නෙස්ලේ ලංකා
සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂක ගනේෂන් අම්පලවාන හා නෙස්ලේ සහකාර උප සභාපති
බන්ධුල එගොඩගේ, ශ්‍රී ලංකා පාසල් ක්‍රීඩා සභාපති බී.ඒ.අබේරත්න යන මහත්වරු
ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
![]() |
සමස්ත ලංකා පාසල් ජූඩෝ
අධ්‍යාපන අමාත්‍යාංශය හා පාසල් ජූඩෝ සංගමය එක්ව සංවිධාන කළ සමස්ත ලංකා පාසල්
ජූඩෝ තරගාවලියේ සමස්ත බාලක හා බාලිකා ශූරතා ද්විත්වය හිමිකර ගැනීමට ගම්පොළ
ජිනරාජ පිරිමි හා බාලිකා විදුහල් කණ්ඩායම් සමත්වූහ.
ශූරතාව දිනාගත් ජිනරාජ පිරිමි මහා විදුහල තරගාවලියේදී ලකුණු 42.5ක් ලබාගත්
අතර ලකුණු 13ක් ලබාගත් ගම්පොළ වික්‍රමබාහු ජාතික පාසලට අනුශූරතාව හිමිවිය.
තෙවැනි ස්ථානය නාවලපිටිය අනුරුද්ධ කුමාර ජාතික පාසලට හිමිවිය.
බාලිකා ශූරතාව දිනාගැනීමට ජිනරාජ බාලිකා මහා විදුහල විසින් ලකුණු 32.5ක්
ලබාගත් අතර කෑගල්ල රිවිසඳ මහා විදුහල ලකුණු 20.5ක් රැස්කරමින් අනුශූරතාවට
හිමිකමි කීය. තෙවැනි ස්ථානය වැලිමඩ ජනාධිපති විද්‍යාලයට හිමිවිය.
තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ගම්පොළ ජිනරාජ පිරිමි විදුහලේ ප්‍රභාත්
පුෂ්පකුමාර සම්මාන දිනාගත් අතර දක්ෂතම ක්‍රීඩිකා සම්මානය කෑගල්ල රිවිසඳ මහා
විද්‍යාලයේ කේ.එල්.එම්.පී.කේ.ලියනගේ දිනාගත්තාය.
ගම්පොළ වික්‍රමබාහු ජාතික පාසල් ප්‍රධාන ශාලාවේදී පසුගියදා පැවැති මෙවර
තරගාවලියට උතුරු පළාත නියෝජනය කරමින් කිලිනොච්චියෙන් කණ්ඩායමක් එක්වීම
ශේෂත්වයක් විය.
තරගාවලියේ ජය සංකේත ප්‍රදානය අධ්‍යාපන අමාත්‍යාංශ ක්‍රීඩා අධ්‍යක්ෂ
බී.ඒ.අබේරත්න, පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ අතුල ජයවර්ධන, ශ්‍රී ලංකා ජූඩෝ සංගමයේ
සභාපති ප්‍රියන්ත යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
බාලක ශූරතාව මාරිස්ටෙලාට බාලිකා ශුරතාව නුවර වලලට
එසේ වුවත් පසුගිය වසරේ බාලිකා සමස්ත ශූරතාව දිනා සිටි වලල ඒ. රත්නායක විදුහලේ ක්‍රීඩිකාවන් ප්‍රසාද ලකුණු 111ක් සහිතව මෙවරද තමන්ගේ ස්ථානය රැකගෙන තිබිණි.
බාලිකා සමස්ත අනුශූරතාව ලකුණු 75ක් සහිතව කෑගල්ල ශාන්ත ජෝෂප් බාලිකාවන් විසින් ජයගනු ලැබීය.
වලල ඒ. රත්නායක විදුහල සමස්ත බාලිකා ශූරතාවට අමතරව අවුරුදු 20න් පහළ සහාය දිවීමේ ශූරතාව වෙනුවෙන් මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතා විසින් පිරිනමන ලද 'ලංකා ලයන්ස්' කුසලාන හා අවුරුදු 18න් පහළ බාලිකා සහාය දිවීමේ ශූරතාව වෙනුවෙන් ප්‍රේමා පින්නවල මහතා විසින් පිරිනමන ලද කුසලානද දිනා ගන්නට සමත්විය.
සමස්ත බාලක ශූරතාව දිනූ මීගමුව මාරිස්ටෙලා විදුහල අවුරුදු 14න් පහළ සහාය දිවීමේ ශූරතාව වෙනුවෙන් සුදත් මඩුගල්ල විසින් පිරිනමන ලද කුසලානද දිනාගෙන තිබිණි.
අවුරුදු 14, 16, 18 හා 20 යන වයස් කාණ්ඩ යටතේ බාලක බාලිකා තරග සංවිධානය කර තිබූ අතර විවෘත පිරිමි හා කාන්තා සහාය දිවීමේ තරගාවලියක්ද ඊට සමගාමීව පවත්වනු ලැබීය.
එහිදී පිරිමි සහාය දිමේවී ශූරතාව සඳහා පිරිනමන ලද ලක්‍ෂමන් ද අල්විස් අනුස්මරණ කුසලාන ලකුණු 47ක් ලබාගත් යුද හමුදාවට හිමි වූ අතර එහි කාන්තා ශූරතාව වෙනුවෙන් පිරිනැමූ ආර්.ඒ. සිරිපාල අනුස්මරණ කුසලාන ගුවන් හමුදා 'ඒ' පිල ලකුණු 50ක් ලබා ගනිමින් ජය ගන්නට සමත් විය.
අවසන් තරග ඉසව් 52ක් සහිතව පවත්වන ලද මෙම සහාය දිවීමේ සැණකෙළියට ලංකා බැංකුවේ අනුග්‍රහය ලැබී තිබුණු අතර ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2000 කට වැඩි පිරිසක් සහභාගි වී තිබිණි.
එහිදී නව වාර්තා 7ක් බිහිවූ අතර ඉන් වාර්තා දෙක බැගින් යුද හමුදාව හා ගුවන් හමුදාව අතර බෙදී ගොස් තිබිණි. ඉතිරි වාර්තා දෙක පිළිවෙළින් නාවික හමුදාව, රත්නපුර සුමන බාලිකා විදුහල හා වලල ඒ. රත්නායක මැදි විදුහල විසින් දිනා ගත්හ.


